එජාප සාකච්ජාවකට 'සේනා' එයි

ජන 22, 2019

    සේනා දළඹු උවදුර මර්දනය කිරීමට දිවයින පුරා විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවශ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

    අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයේ අරලියගහ මන්දිරයේ ඊයේ (21) රාති‍්‍ර පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බවයි .

    අමාත්‍ය දයා ගමගේ කියා සිටියේ සේනා දළඹු උවදුර ජාතික ව්‍යසනයක් ලෙස සලකා කටයුතු කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර ඇති බවයි. එ අනුව සේනා දළඹු උවදුර මර්දනයට ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීම පිළිබඳව ද එහිදි අවධානය යොමුවී තිබේ. 

    මෙම දළඹුවන් හේතුවෙන් වගා හානිවූ ගොවීන්ට වන්දි ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට‍ කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත උපදෙස් ලබාදී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත. 

    සේනා දළඹුවන් මුලින්ම බඩඉරිගු වගාව ආශ්‍රිතව බෝවීම ආරමභ වුයේය. මේ අනුව බඩඉරිගු හෙක්ටයාර් 40,000 ක් පමණ හානියට ලක් වූ බව ඇස්තමේන්තු කර තිබේ. එයින් වාර්ෂික අස්වැන්නෙන් සියයට 20 ක් පමණ අහිමි වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

    සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා මේ වනවිටත් විවිධ බෙහෙත් වර්ග හදුනාගෙන තිබේ.

    Last modified on අඟහරුවාදා, 22 ජනවාරි 2019 11:02

    Latest News