නිරෝධායනයට යොමු කර සිටියදී සපුගස්කන්දේ නිවසකින් පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියා සොයාගෙන තිඛේ.
මාකොළ උතුර ප්‍රදේශයේ නිවසක සිටියදී මෙම තැනැත්තා හමුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්රකාශකක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. මෙම තැනැත්තාට සහ ඔහුට රැකවරණ සැපයූ කිසියම් අයෙකු වෙතොත් ඔවුන්ටද එරෙහිව නීතිමය පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
පොලිසිය පැවසුවේ එම ප්‍රදේශයේම ඔහුගේ පෙම්වතියගේ නිවසේ සිටියදී තරුණයා සොයා ගත් බවයි.