මෙලෙස ලංකාවේ අවුරුදු 19 - 25 ත් අතර වයස්වල සිටින එච්. අයි. වී. ආසාදිත පිරිමින්ගේ සංඛාව ඉහළ ගොස් ඇත.
2020 වසර අවසන් වන විට මෙරට එච්.අයි. වී. ආසාදිත පුද්ගලයන් ගණන 3600 ක් එයින් ජාතික ලිංගාශ්රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් පවත්වාගෙන යන සායන සඳහා ලියාපදිංචිවී ඇත්තේ ආසාදිත පුද්ගලයන් 2000 ක් පමණි.
ඉතිරි පුද්ගලයන් 1600 ක ප්රමාණයක් තමා එච්.අයි.වී. ආසාදිතයකු බව නොදැන සමාජයේ ජීවත් වෙති.
එසේම එච්.අයි.වී ආසාදිතයන්ගේ ප්රතිශක්තිකරණය දුර්වල බැවින් ඔවුන් හට කොවිඩ් වසංගතය වැලඳීමේ වැඩි අවදානමක් පවතියි.