පාපැදිය ප්‍රචලිත කිරීමට; "සයික්ලින් සන්ඩේ"

පෙබ 01, 2021

    සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් බිහි කිරීමත්, පාපැදිය ප්‍රචලිත කිරීමත් අරමුණු කර ගනිමින් ක්‍රීඩා අමාත්‍යාංශය නව වැඩසටහනක් ආරම්භ කර තිබේ.

    එය නම් කරනු ලැබ ඇත්තේ, "සයික්ලින් සන්ඩේ" යනුවෙන්. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ඊයේ ආරම්භ කෙරුණේ තලවතුගොඩ, කිඹුලාවල මංසන්ධියෙන්. පරිසරයට හිතකාමී ජීවන රටාවක් සහ ක්‍රියාශිලී පරපුරක් බිහිකිරීම මෙහි තවත් අරමුණක්.

    කිඹුලාවල මංසන්ධියේ සිට කොළඹ තුරඟ තරඟ පිටිය දක්වා පාපැදියෙන් ගමන් කිරීමට මංතීරුවක් වෙන් කෙරිණ. එය, සතියේ සෑම ඉරු දිනකම සවස 4.00 සිට රාත්‍රී 7.00 දක්වා ක්‍රියාත්මකයි.

    පාපැදියෙන් ගමන් කරන්නන් සඳහා උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ. අධික වේගයෙන් ගමන් නොකිරීම, දරුවන්ට ප්‍රමුඛත්වය ලබාදී ඔවුන් දිරිමත් කිරීම, වෙනත් ධාවකයින්ට ආචාරශීලි වීම, මාර්ගයට කසළ නොදැමීම, ආරක්‍ෂිත ආම්පන්න පැලදීම සහ කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම එම උපදෙස් මාලාවයි.

    Latest News