ඉඩම් පිළිබඳ තොරතුරු 1931ට

පෙබ 01, 2021

    ඉඩම් අමාත්‍යාංශය යටතේ පවතින සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් විශාල ප්‍රමාණයක් පසුගිය සමයේ අවභාවිතයට ලක්ව ඇතැයි අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

    එවැනි ඉඩම් පිළිබඳ තොරතුරු 1931 දුරකතන අංකයට දැනුම් දෙන්නැයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා මේ බව ප්‍රකාශ කළේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පරිශ්‍ර යේදී 1931 කෙටි නව දුරකතන අංකය හඳුන්වාදීමේ අවස්ථාවට අද එක්වෙමින්. එම අංකය හඳුන්වා දෙනු ලැබ ඇත්තේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කටයුතු වෙත ජනතාවට වඩා පහසුවෙන් ප්‍රවේශ වීමට සහ පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහායි.

    Latest News