කයිකාවල ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය ඇරඹේ

පෙබ 17, 2021

    මීමුරේ කයිකාවල ප්‍රාථමික විද්‍යාලයේ දීර්ඝ කාලීනව පැවති අවශ්‍යතාවයක් සපුරාලමින් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පාසල් ක්‍රීඩා පිටියේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කළේය.

    පෙබරවාරි මස 13 වන දින මීමුරේ පැවති "ගම සමඟ පිළිසඳර" වැඩසටහනේදී පාසලේ සිසුන්, දෙමාපියන් සහ ගුරුවරුන් කළ ඉල්ලීමකට අනුව අතිගරු ජනාධිපතිතුමා විසින් එහි ප්‍රතිසංස්කරණ කටයුතු යුධ හමුදාවට භාර දෙන ලදී.

    ඒ අනුව, යුධ හමුදාවේ 6 වන කාරක ඉංජිනේරු බළකායේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය ඇතිව ක්‍රීඩාපිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු පසු දිනයේම ආරම්භ කරන ලදී.

    Latest News