පර්සිවියරන්ස් සියළු මෙහෙයුම් පද්ධති ඉතා හොදින් ක්‍රියාත්මකයි - ආචර්ය සරත් ගුණපාල

පෙබ 20, 2021

    අඟහරු ග්‍රහයා මතට සාර්ථකව ගොඩබස්වනු ලැබූ රොබෝ යානය මගින් වැදගත් තොරතුරු රැසක් පෘථිවියට එවමින් පවතින බව, නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා පවසයි.

    ජාතික රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් කරමින් ආචාර්ය සරත් ගුණපාල මහතා මේ තොරතුරු අනාවරණය කළේය.

    "පර්සිවියරන්ස්" යනුවෙන් හඳුන්වනු ලබන රෝවර් යන්ත්‍රය අඟහරු ග්‍රහයාගේ ජෙසීරෝ ආවාටය මතට සාර්ථකව ගොඩබැස්සවීමට නාසා ආයතනය පසුගිය බ්‍රහස්පතින්දා සමත්විය.

    මේ වනවිට එහි සියලුම පද්ධති ඉතා හොඳින් ක්‍රියාත්මක බව, මූලික පරීක්‍ෂණයේදී හෙළිවී තිබේ.

    යානය මගින් පෙර නොදුටු තරමේ ඉතා පැහැදිලි හා සවිස්තරාත්මක ඡායාරූප පෙලක් පෘතුවියට එවනු ලැබීය.

    එම ඡායාරූප හා වීඩියෝ දර්ශන ග්‍රහණය කරගන්නා අධි සංවේදී කැමරා 20කින් සමන්විත පද්ධතිය සකස් කරනු ලැබුවේ ශ්‍රී ලාංකික විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතාගේ මෙහෙයවීමෙන්.

    ඒ මහතා ජාතික රූපවාහිනියට විශේෂයෙන් තොරතුරු ලබාදුන්නේය.

     

     

    Last modified on සෙනසුරාදා, 20 පෙබරවාරි 2021 18:39

    Latest News