යුද්ධ හමුදාව කෙරවලපිටිය කසල කන්දේ ගින්න පාලන කිරීමට දායකත්වය සපයයි

පෙබ 20, 2021

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා, නාවික හමුදා හා ගුවන් හමුදා භටපිරිස් සහ පසුගියදා ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් ඩ්‍රෝන රෙජිමේන්තුව එක්ව කෙරවලපිටිය කසල අංගනයේ (18) දින සවස 05.30 ට පමණ හටගත් ගින්න පැතිරයාම වලක්වමින් ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරනු ලැබීය.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඉල්ලා සිටි අතර, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් වසන්ත ආබෲ ගේ අධික්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් අනෙකුත් සහන කණ්ඩායම් සමඟ එක්ව ගින්න මැඩපැවැත්වීම සඳහා එම ස්ථානය වෙත ඉතා කඩිනමින් නික්මුණහ.

    ඒ අනුව, යුද්ධ හමුදා සහ නාවික හමුදා භටපිරිස් අනෙකුත් සහන කණ්ඩායම් සමඟ එක්ව ගින්න මැඩපැවිත්වීමේ සජිවි දර්ශන ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව යෙද වූ අතර, ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානය ද යොදාගත්තේය.

    6 වන ගැමුණු හේවා බලකාය, 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 1 වන ශ්‍රී ලංකා සන්නද්ධ බලකායේ භටපිරිස් අණදෙන නිලධාරීන් ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් නාවික හා ගුවන් හමුදා භටපිරිස් සහ අනෙකුත් සහන කණ්ඩායම් සමඟ එක්ව ඊයේ (18) දින සන්ධ්‍යාවේ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කලද පවතින වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් පැතිරයන ගින්න ඊයේ (19) දින ද මැඩපැවැත්වීමට භටපිරිස් අනෙකුත් සහන කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කරති.

    ඒ අනුව, අද (19) දින උදෑසන 08.00 පමණ වනවිට ගින්න පැතිරීම සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකියාව ලැබී ඇත. එමෙන්ම, පෙරවරු 10.00 ට පමණ 141 බලසේනාවේ භටපිරිස් 14 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ බර යන්ත්‍රෝපකරණ යොදාගනිමින් නැවත ගින්න ඇතිවිමේ අවදානම අවම කිරිමේ ක්‍රියාමාර්ග දියත් කළහ. හදිසියේ හටගත් මෙම ගින්නෙන් දේපලවලට හෝ සිවිල් වැසියන්ට කිසිදු හානියක් සිදුවී නොමැත.

    ගින්න මැඩපැවැත්වීමේ අවස්ථාවට බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති, 14 වන සේනාංකයේ සේනාංකාධිපති, 141 වන බලසේනාවේ බලසේනාධිපති සහ අණදෙන නිලධාරීන් එක්වූහ.

    Latest News