අමාත්‍ය අලි සබ්රි පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයට එරෙහිව මහ සංඝරත්නයෙන් ජනපතිට ලිපියක්

පෙබ 22, 2021

    අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව පවසමින් ඉකුත් පෙබරවාරි 12 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නැයි මහ සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

    අදාළ ලිපියේ පිටපතක් කථානායකවරයා වෙතද යොමු කරමින් මහ සඟරුවන ඉල්ලා ඇත්තේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසය.

    ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමි, පූජ්‍ය ඕමාරේ කස්සප හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ 11 නමකගේ අස්සනින් යුතුව එම ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබේ.

    බෞද්ධ විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා පෙබරවාරි මස 12 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇතැයි පවසන මහ සඟරුවන වැඩිදුරටත් පෙන්වාදෙන්නේ, නීති විද්‍යාලයේ සිසුන්ට නිර්දේශීත ග්‍රන්ථයක් වන මහාචාර්ය එල්.ජේ.එම්.කුරේ මහතාගේ ශ්‍රී ලංකාවේ නීති ක්‍රමයට හැඳින්වීමක් යන ග්‍රන්ථයේ සඳහන් ආකාරයට පුද්ගල නීතිය යන්නට ඇතුළත් වන්නේ උඩරට නීතිය, තේසවලාමේ නීතීය සහ මුස්ලිම් නීතීය පමණක් බවය.

    Latest News