ඇස් කණ්නාඩි පළදින පුද්ගලයින්ට කොවිඩ් වැළඳීමේ ප්‍රවනතාව අඩුයි

පෙබ 22, 2021

    ඇස් කණ්නාඩි භාවිත කලහොත් කොරෝනා අවධානම අඩු බව සමීක්ෂණයකින් හෙළිවෙයි.

    ඇස් කණ්නාඩි නොපළදින පුද්ගලයින්ට සාපේක්ෂව ඇස් කණ්නාඩි පළදින පුද්ගලයින්ට කොවිඩ් වැළඳීමේ ප්‍රවනතාවය තුන් ගුණයකින් අඩු බව සිදුකළ සමීක්ෂණයකින් අනාවරණයවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ඉන්දියානු පර්යේෂකයින් පිරිසක් විසින් මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා.

    පර්යේෂකයින් විසින් පුද්ගලයින් 304 දෙනෙකු යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර, එහිදී අනාවරණයවී ඇත්තේ ඇස් කණ්නාඩි පැළඳ සිටින අය ඔවුන්ගේ මුහුණ අඩුවෙන් ස්පර්ශ කිරීම හේතුවෙන් වෛරසය ආසාදනයවීමේ අඩු අවදානමක් ඔවුන්ට පවතින බවයි.

    Latest News