මෙරට 16 වන ජාතික විශ්ව විද්‍යාලය - ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයයි

මාර් 01, 2021

    මෙරට ප්‍රථම දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය ලෙස, ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය නිල වශයෙන් විවෘත කිරීම අද (1) පෙරවරුවේ සිදු කෙරිණි.

    1929 වර්ෂයේ ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත් ජී.පී.වික්‍රමආරච්චි මහතා විසින් සිසුන් 20 දෙනෙකුගෙන් ආරම්භ කර ඇති අතර, මෙතෙක් කලක් කැලණිය විශ්වවිද්‍යාලයේ අනුබද්ධිත ආයතනයක් ලෙස පැවතිණ.

    විශ්ව විද්‍යාලය නිල වශයෙන් ආරම්භ කෙරුණේ මෙරට 16 වන ජාතික විශ්ව විද්‍යාලය ලෙසයි.

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ලියනගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News