උ.-නැ. මියගිය හා අතුරුදන්වූවන්ගේ දෙමාපිය එකමුතුවෙන් පෙත්සමක් (වීඩියෝ)

මාර් 04, 2021
  • උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට කිනම් රජයක් ඉදිරිපත් වුවද දෙමළ ඇතැම් දේශපාලඥයින් ඊට එරෙහි වන බව උතුරු-නැගෙනහිර මියගිය හා අතුරුදන්වූවන්ගේ දෙමාපිය එකමුතුව පවසයි.

    ඔවුන් පෙන්වා දෙන්නේ, එම දෙමළ දේශපාලඥයින් සැමවිටම උත්සාහ දරන්නේ අතුරුදන්වූවන්ගේ මාපියන් මහපාරේ තබා එතුළින් දේශපාලනය කිරීමට බවයි.

    උතුරු-නැගෙනහිර මියගිය හා අතුරුදන්වූවන්ගේ එකමුතුව එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට අද පෙත්සමක් බාර දුන්නේය. ඒ, එල්ටීටීඊ සංවිධානය කළ පුද්ගල ඝාතන සහ අතුරැදන් කිරීම් සම්බන්ධයෙන් ද පරීක්‍ෂණ පවත්වන ලෙස ඉල්ලමින්.

    උතුරු නැගෙනහිර මියගිය හා අතුරුදන්වූවන්ගේ එකමුතුව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ද අද පෙත්සමක් බාර දුන්නේය. එම කාර්යාලය ඉදිරිපිට ඔවුන් නිහඬ විරෝධතාවයක ද නිරත විය. අනතුරුව ඔවුන් තවත් පෙත්සමක් බාර දුන්නේ ජනාධිපති කාර්යාලයටයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 මාර්තු 2021 21:40

    Latest News