අධ්‍යාපනය සංවර්ධනයට මානව සම්පත් ගොඩනැගිය යුතු ආකාරය (වීඩියෝ)

මාර් 04, 2021
  • ආර්ථික පුනර්ජීවනය හා ධරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ජාතික සම්බන්ධීකරණ සමාජ යටිතල පහසුකම් සම්බන්ධ අනුකමිටු රැස්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඊයේ පැවැත්විණ.

    අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉහළ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමට සමත් මානව සම්පතක් ගොඩනැගිය යුතු ආකාරය පිළිබඳව එහිදී සාකච්ජා කෙරිණ.

    මෙය හඳුන්වනු ලබන්නේ, ජාතික සම්බන්ධිකරණ සමාජ යටිතල පහසුකම් අනුකමිටු රැස්වීම ලෙසයි. අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා එහි සභාපතිත්වය දරයි. කැබිනට් අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ රැසක් මෙම අනුකමිටුවට ඇතුළත්.

    එමගින් ඉටු කළ  යුතු ප්‍රධාන කාර්යයන් කිහිපයක් වන්නේ, 2021 අය-වැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළ වැඩසටහන් සමාලෝචනය, මඟ පෙන්වීම හා අධීක්‍ෂණයයි.

    කමිටු විෂය පථය ආවරණය කෙරෙන පොදු සේවා සැපයීමට අදාළ අනෙකුත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාකාරීත්වය විමසා බැලීම හා “ගම සමඟ පිළිසඳර“ වැඩසටහන තුළින් මෙන්ම, දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවලින් ඉදිරිපත් වන යෝජනා සහ අන්තර් අමාත්‍යාංශ මට්ටමින් විසඳාලිය යුතු ගැටලු සාකච්ජා කර විසඳුම් ලබාදීම ද එහි කාර්යන් අතරට ඇතුළත්.

    ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මට්ටමින් සමාජ යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමේදී, අධ්‍යාපන ක්‍ෂේත්‍රයට පැවරෙන කාර්ය භාරය මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණ.

    රැස්වීම සංවිධාන කර තිබුණේ, අධ්‍යාපන අමාත්‍යාංශය සහ දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන්.

    ගම්මිරිස් වගාවේ එලදායිතාව ඉහළ නැංවීමේ වැඩසටහනක් කයිකාවල විද්‍යාලයේ දී ඊයේ පැවැත්විණ. එය සංවිධාන කර තිබුණේ “වැඩ සමඟ යළි ගමට“ වැඩසටහන යටතේ.

    මෙහිදී ගම්මිරිස් එලදාව අඩුවීමට බලපා ඇති හේතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරුණු අතර, වගාකරුවන් දිරිමත් කිරීම සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද විශේෂ අවධානය යොමු කෙරිණ.

    ගම්මිරිස් අස්වනු රජය මගින් මිලට ගෙන, ගොවීන්ට සහනාධාර ලබාදෙමින් මීමුරේ ගම්මානය නමින් ගම්මිරිස් වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගොවීන්ට අවශ්‍ය කෘෂි හා තාක්‍ෂණික දැනුම ලබාදීමට ද නියමිතයි. ප්‍රදේශයේ ගොවි සමිති සඳහා උපකරණ කට්ටල සහ ගම්මිරිස් පැළ බෙදාදීම ද මෙහිදී සිදු කෙරිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 මාර්තු 2021 21:43

    Latest News