ජනාධිපතිතුමාගේ පාස්කු ඉරුදින පණිවුඩය

අප්‍රේ 04, 2021

    ජේසුස් වහන්සේ එදා දේශනා කළ මානව විමුක්තිය සමාජයට ශක්තියක් බවත්, අද ලෝකය හමුවේ මුහුණ පෑමට සිදුවන බහුවිධ තාඩන, පීඩන පරාජය කර නැගී සිටීමටත්, ප්‍රේමයෙන් දයාවෙන් යුතු මානව හිතවාදී සමාජයක් තුළ ජීවත් වීමටත් මේ පාස්කු සමය ආශිර්වාදයක් කරගත යුතු බව ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

    පාස්කු දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය. ශ්‍රී ලාංකීය කිතුණු ජනතාව අසීමිත ගෞරවයෙන් හා භක්තිවන්තව සමරන පාස්කු සමය අන්තවාදී මිලේච්ජ ප්‍රහාරයකට වරක ගොදුරු විය.

    ඉන් බිඳුණු හදවත්වල වේදනාව අදටත් මැකී ගොස් නොමැති බව, ජනාධිපතිතුමා නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ පාපී ක්‍රියාවට වැරදිකරුවන් වන පුද්ගලයින්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට අප කිසිදු ඉඩක් නොතබන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

    එසේම නැවත එවන් ඛේදාන්තයන්ට කවර හෝ අවසරයක් නොලැබෙන පරිදි ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට රජය වග වී සිටින බව, පාස්කු ඉරුදින වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා කියා සිටී.

    Latest News