විපක්‍ෂනායකවරයාගේ පාස්කු ඉරුදින පණිවුඩය

අප්‍රේ 04, 2021

    චතාරික සමය පුරා ලෝකයේ කෝටි ගණනක් වූ ක්‍රිස්තු භක්තිකයන් යාඥා කළ උදාර අරමුණු හා අපේක්‍ෂාවන් සැකයකින් තොරව ඒකාන්තයෙන්ම ඉටුවනු ඇති බව, විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    පාස්කු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් විපක්‍ෂ නායකවරයා මේ බව කියා සිටියේය. මිනිස්වර්ගයා 2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින සිදුවූ කම්පනය තවමත් අප අතරින් පහව ගොස් නොමැති බව විපක්‍ෂනායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයා ගැනීමේ වගකීමෙන් කිසිවෙකුට බැහැරවිය නොහැකි බවත් එම පරීක්‍ෂණ විශ්වසනීයත්වය විනිවිද පෙනෙන ආකාරය හා අපක්‍ෂපාති කඩිනම් යන කරුණු මත පිහිටා සිදුවිය යුතු බව විපක්‍ෂනායකවරයා පවසයි.

    එම ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ සියලු දෙනා වෙනුවෙන් මනුෂ්‍යත්වයේ නාමයෙන් සාධාරණය ඉටුවිය යුතු බව ද ඔහු එම නිවේදනයෙන් සඳහන් කරයි.

    අහිංසකයන්ගේ ජිවිත පැහැර ගන්නට මුලාවූ අන්තවාදීන් ඒ ජිවිත ඩැහැගත්ත ද ඒ මියගිය සියලු දෙනා ප්‍රාණ පරිත්‍යාගයින්සේ පාස්කුවේ උත්ථානය ජිවත්වන්නන්ට කියා දෙන බව කිතුණු බැතිමතුන්ගේ විශ්වාසය බව ද විපක්‍ෂනායකවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    Latest News