පස්සර බස් අනතුරින් මියගිය පුද්ගලයින් හා තුවාල ලැබූවන්ට මුදල් ආධාර...

අප්‍රේ 04, 2021

    පසුගියදා පස්සර ප්‍රදේශයේ සිදුවූ මාරාන්තික බස් අනතරින් මියගිය පුද්ගලයින් හා තුවාල ලැබූවන් සඳහා මුදල් ආධාර ප්‍රදානය කෙරිණ.

    ඊයේ එය සිදු කෙරුණේ ලුණුගල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී. පසුගිය මාර්තු 20 වැනිදා පස්සරදී සිදුවූ අනතුරින් පුද්ගලයින් 14ක් මියගිය අතර 25ක් තුවාල ලැබීය. මෙහිදී අනතුරින් මියගිය පුද්ගලයෙකුට රුපියල් පනස් දහසක් ද, තුවාල ලැබූවෙකුට රුපියල් දස දහසක් ද ප්‍රදානය කෙරිණ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ද මේ අවස්ථාවට එක්විය.

    Latest News