චාර්ල්ස් නැවතත් රේගුවේ ලොකු පුටුවට

පෙබ 05, 2019

    ධූරයෙන් ඉවත් කළ රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එල්.එල්.එස්.චාල්ස් මහත්මිය නැවත එම තනතුරට පත්කිරිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

     චාල්ස් මහත්මියව රේගු අධ්‍යක්ෂක ජනරාල් ධූරයෙන් ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරීයකු එම තනතුරට පත් කිරිමට අමාත්‍ය මණ්ඩලය පසුගිය සතියේ තිරණය කළේය.

    ධූරයෙන් ඉවත් කළ රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එල්.එල්.එස්.චාල්ස් මහත්මිය නැවත පත් කරණමෙන් ඉල්ලා රේගුවේ වෘත්තිය සමිති විසින් අකුරට වැඩ කිරිමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

    අද (5) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදි මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පත්‍රිකාවක් ඉදිරිපත් කර දැනුමි දී ඇත්තේ රේගු අධ්‍යක්ෂක ජනරාල් පී. එල්. එල්. එස්. චාල්ස් මහත්මිය ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරීයකු පත් කිරිමට ගත් තීරණය ඉවත් කර ගන්නා බවයි.

    Latest News