කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව සහ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අඛණ්ඩව ක්‍රියාත්මකයි. කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 25,380 කට ලබාදී තිබේ. ඒ අනුව, එහි දෙවැනි මාත්‍රාව ලබාගත් මුල් පිරිසට දෙලක්ෂ 92,457ක් ඇතුළත්.
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගෙන ඇති සංඛ්‍යාව 49,507ක්. එය ලබාගත් සමස්ත පිරිසට හාර ලක්ෂ 24,823ක් ඇතුළත්.