අමෙරිකාව නිකුත් කළ සංචරණ සීමා ගැන අනියත බියක් ඇති කරගත යුතු නැහැ; ආරක්‍ෂක ලේකම්

මැයි 26, 2021

    අමෙරිකාව නිකුත් කළ සංචරණ සීමා පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නැතැයි, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

    අමෙරිකාව, ශ්‍රී ලංකාව සඳහා නිකුත් කරන ලද සංචරණ සීමා අනුව ත්‍රස්තවාදී කාණ්ඩයට ඇතුළත් කිරීම පිළිබඳව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව ඔහු අවධානරණය කරයි.

    ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් ජාතික ආරක්‍ෂාව පිළිබඳව කටයුතු කරන ආයතන රටේ ආරක්‍ෂාව මනාව තහවුරු කර තිබේ. වර්තමානයේ රටේ පවතින “කොවිඩ්-19“ තත්වය හේතුවෙන්, ශ්‍රී ලංකාව පිළිබඳව මෙසේ අමෙරිකාව 04 වැනි මට්ටමේ සංචරණ සීමා නිකුත් කර ඇතැයි ආරක්‍ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    එහිදී ත්‍රස්තවාදී තර්ජන සැබැඳිව අඩංගුවීම එම වර්ග කිරීමේ ක්‍රියා පිළිවෙතට අනුව සාමාන්‍ය යෙන් සිදුවන්නක්. එබැවින් ජාතික ආරක්‍ෂාව පිළිබඳ අනියත බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව ආරක්‍ෂක ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    Latest News