වරාය නගර කොමිෂන් සභා පනතට කතානායක අත්සන් තබයි

මැයි 27, 2021

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (27) නිල වශයෙන් අත්සන් තැබීය.

    ඒ අනුව, එය අද සිට බලාත්මක වනු ඇත. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පසුගියදා පැවැත්විණ. තෙවැනි වර කියවීමේදී ඊට පක්‍ෂව ඉන්ද 149ක් ලැබුණු අතර, විපක්‍ෂව ලැබුණේ ඡන්ද 58ක් පමණි.

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන සහිතව වැඩි ඡන්ද 91කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඒ අනුව පනත අද සිට බලාත්මක වන බව කතානායක මාධ්‍ය අංශය පවසයි.

    Latest News