අදාළ මුහුදු ප්රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බව එහි දැක්වේ. එය තවදුරටත් එම ප්රදේශයේම වර්ධනය වී බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිත ධීවර හා නාවික ප්රජාව මේ ගැන අවධානයෙන් සිටිය යුතු බව කාලගුණ නිවේදනයේ සඳහන්. ඒ සම්බන්ධ ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද ඉල්ලීමක් කෙරේ.