මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉන්ධන සොරකම් කළ 7ක් දැලේ

අගෝ 01, 2021

    මධ්‍යම අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ-වඳුරව අතර ප්‍රදේශයේදී දීර්ඝ කාලයක සිට ඉන්ධන සොරා ගැනීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් 7ක් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ, ගෝනහේන පසු මූලස්ථාන විශේෂ කාර්ය බලකා කඳවුර විසින්. චීන සමාගමක් විසින් අධිවේගී මාර්ගයේ මෙම කොටසේ ඉදිකිරීම් සිදු කරනු ලබයි. ඒ සඳහා යොදවා ඇති රථවාහනවලින් ඉන්ධන සොරා ගැනීම දීර්ඝ කාලයක සිට සිදු කරගෙන ගොස් තිබෙන අතර, මේ පිළිබඳව පැමිණිලි ද ඉදිරිපත් කර තිබිණ. ඒ අනුව මෙම වැටලීම සිදු කෙරිණ.

    පෞද්ගලික රථයක් අනවසරයෙන් වැඩබිමට ඇතුළු කර ඉන්ධන සොරා ගැනීම සිදුකර තිබේ. තෙල් පිරවූ එම රථය හා රුපියල් 42,200ක මුදලක් ද පොලිස් බාරයට ගැණින. වේයන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

    Latest News