අන්තර් පළාත් බස් රථ සේවාව ක්‍රියාත්මකයි

අගෝ 01, 2021

    අන්තර් පළාත් බස් රථ සේවාව හා දුම්රිය ධාවනය අද (01) ආරම්භ කෙරිණ. හෙට (02) සිට රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට රජය ගත් තීරණයත් සමඟ මෙය ක්‍රියාත්මකයි.

    පළාත් අතර සංචරණ සීමා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට රජය අවසර ලබාදී නොතිබුණත්, අත්‍යවශ්‍ය රාජකාරි සඳහා ගමන් ගන්නා මගීන් සඳහා අද අන්තර් පළාත් බස් රථ සේවාව හා දුම්රිය ‍ගමන්වාර අලුයම සිට ක්‍රියාත්මක කෙරිණ.

    දුර ගමන් සේවා බස් රථවලින් කොළඹට මගීන් පැමිණි අතර, ඇතැම් මාර්ගවල මගීන්ගේ පැමිණිමේ අඩුවක් දක්නට ලැබිණ. අධිවේගී මාර්ගවල බස් රථ සේවාව ද ආරම්භ කෙරිණ.

    Latest News