නියං තත්ත්වය හේතුවෙන් යාල වන සතුන්ට දැඩි පීඩා

අගෝ 19, 2021

    වසර දෙකක් තිස්සේ යාල ජාතික වනෝද්‍යානයට වර්ෂාව නොලැබීම හේතුවෙන් ගෝනගල, ගැල්ලුක්ගල, දර්ශන වැව, විල පලාවවැව වැව් කිහිපයක් සිඳී ගොස් තිබේ.

    අලි ඇතුන්, දිවියන්, පක්ෂීන් මෙන්ම උරග විශේෂ ද දැඩි පීඩාවට ලක්ව ඇත. යාල ජාතික වනෝද්‍යානය හරහා ගලාබසින මැණික් ගඟේ ද ජල මට්ටම ඉතා පහළ ගොස් තිබේ. මීට පිළියමක් ලෙස යාල මිතුරු සංසදය සහ යාල වනජීවි කාර්යාලයේ උද්‍යාන භාරකරුගේ මැදිහත් වීමෙන් උද්‍යානයේ ජල බවුසරය මෙන්ම යාල ජීප් රථ රියැදුරන්ගේ යාල මිතුරු සංසදය මගින් ජල බවුසර තුනක් යොදා ගනිමින් කුඩා වැව් සඳහා ජලය සැපයීම මේ වන විට ආරම්භ කොට ඇති බව අප වාර්තාකරු පවසයි.

    Latest News