දළඳා මාළිගාවේ ප්‍රතිසංස්කරණයට අමෙරිකාවෙන් රු. මි. 51ක්...

සැප් 02, 2021

    ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේ රජ වාසල සහ කෞතුකාගාරය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අමෙරිකානු රජය රුපියල් මිලියන 51ක මුදලක් පරිත්‍යාග කර තිබේ.

     

    එය අමෙරිකානු මුදලින් ඩොලර් මිලියන දෙලක්‍ෂ හැටපන් දහසක්. යුනෙස්කෝ ලෝක උරුමයක් වන දළදා මාළිගා පරිශ්‍රය ගෘහ නිර්මාණ, සංස්කෘතික හා ඓතිහාසික ස්මාරක ඇතුළත් මෙරට ප්‍රධාන පුරාවිද්‍යා ස්ථානයකි. අනාගත පරපුරේ මෙන්ම විද්‍යාර්ථයින්ගේ ඉගෙනුම් අවශ්‍යතා සපුරාලීමට මෙමගින් හැකිවනු ඇතැයි සංස්කෘතික සංරක්‍ෂණය සඳහා වන එක්සත් ජනපද තානාපති අරමුදල ප්‍රකාශ කළේය.  

    ගොඩනැගිලි සංරක්‍ෂණය කිරීමෙන් සංචාරක කර්මාන්තය දිරි ගැන්වීමට හා ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනයට හැකියාව ලැබේ.  රජගල, ආරණ්‍ය සංරක්‍ෂණය, අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ බෞද්ධ හා හින්දු පුරාවස්තු එකතුව සංරක්‍ෂණය, මඩකලපුව ලන්දේසි කොටුව සංරක්‍ෂණය, ආදිවාසී, දෙමළ සහ බෞද්ධ ප්‍රජාවන්ගේ ජන සංගීතය හා නර්තන සංරක්‍ෂණය ඇතුළුව මෙරට ව්‍යාපෘති 14ක් සඳහා එම අරමුදල මූල්‍ය ප්‍රදාන සිදුකර ඇතැයි, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Latest News