ගිනිගත්හේන නගරයේ ප්‍රධාන මාර්ගයක කොටසක් ගිලා බැසිමේ අවදානමක

සැප් 06, 2021

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (06) උදැසන සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන මාර්ගය ගිලා බැසිමේ අවදානමක් නිසා මාර්ගයේ වාහන ගමනා ගමනය අද දහවල් සිට තාවකාලිකව තහනම් කල බව නුවරඑලිය ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

    ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට මාර්ගය මිට පෙර අවස්ථා කිහිපයකදි ගිලා බැසිමට ලක් වු නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සිමා කෙරිණ. නගරය හරහා නාවලපිටිය සහ මහනුවර දෙසට ගමන් කරන වාහන කොළඹ මාර්ගයෙන් ගිනිගත්හේන බස් නැවතුම්පොල පිවිස ධාවනය කරන ලෙසද ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

    Latest News