මත්වතුර භාවිතයෙන් දිනකට 57ක් මරුට....(වීඩියෝ)

ඔක් 03, 2021
  • මත්වතුර භාවිතයෙන් දිනකට 57 දෙනෙකු අකාලයේ මියයන බව, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්‍ෂ මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ, මධ්‍යසාර ව්‍යසනයෙන් ජනතාව මුදාගැනීම සඳහා විශේෂ අනපනත් කිහිපයක් ඉදිරියේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි. ලෝක අමද්‍යප දිනය අදයි. මත්වතුර භාවිතය නිසා පුද්ගල පරිහානිය මෙන්ම දැඩි සමාජ හා ආර්ථික ගැටලු රැසක් ද පැන නැගේ. එය රටක ඉදිරි ගමනට විශාල බාධාවක්. පවුල් ගැටුම් බොහොමයකට හේතුවී ඇත්තේ ද මත්වතුර භාවිතයයි.

    ලෝක අමද්‍යප දිනය සැමරෙන අද දිවයින පුරා සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ සුරාබදු බලපත් ලත් සියලු ස්ථාන වසා තැබිණ. ඒ සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝගයකට අනුවයි.

    Last modified on ඉරිදා, 03 ඔක්තෝබර් 2021 20:20

    Latest News