ආචාර්ය සිරාන් දැරණියගල අභාවප්‍රාප්ත වෙයි.

ඔක් 05, 2021

    මෙරට කීර්තිමත් පුරාවිද්‍යාඥයෙකු මෙන්ම, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ ආචාර්ය සිරාන් දැරණියගල මහතා අද (05) උදේ අභාවප්‍රාප්ත වුණා.

    මිය යන විට ඒ මහතා 79 වැනි වියේ පසුවුණා.  ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පිළිබඳ ලෝකයේ සිටින විශිෂ්ටතම විද්වතෙකු ලෙසයි දැරණියගල මහතා සැලකෙන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ‍ඓතිහාසික තොරතුරු ලෝකයට ප්‍රචලිත කරනු ලැබුවේ දැරණියගල මහාත විසිනි.

    1968 වසරේ දී ඔහු විසින් පාහියන්ගල ලෙනේ සිදුකල කැණීම්වලින් වසර 47,000 ක් ඉපැරණි මනුෂ්‍ය ඇට සැකිලි සොයාගනු ලැබුවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශය ආරම්භ කර ඇත්තේ ද දැරණියගල මහතායි. 1992 වසරේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් දැරණියගල මහතා 2002 වසරේ දී ධූරයෙන් විශ්‍රාම ගන්නා ලදි.

    Latest News