ජා-ලන් එක්ස් නාවික අභ්‍යාසය මෙරට බටහිර මුහුදේ දී....

ඔක් 05, 2021

    ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවැත්වූ ජා-ලන් එක්ස් ඒකාබද්ධ නාවික ආභ්‍යාසය ඊයේ මෙරට ආශ්‍රිත බටහිර මුහුදේ දී සාර්ථකව නිමාවට පත්වුණා.

    පසුගිය 02 වැනිදා නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ජපන් ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් "කාගා" නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් "සාගර" නෞකාව මෙම ජා-ලන් එක්ස් ඒකාබද්ධ නාවික අභ්‍යාසය සඳහා එක්ව සිටියා.

    මෙමඟින් දෙරටේ සහයෝගීතාව වර්ධනය කිරීමත්, ආපදා සහන මෙහෙයුම් සිදු කිරීමේ දී ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාවය වර්ධනය කිරීමත් අපේක්ෂාවයි.

    Latest News