විශ්වවිද්‍යාල Z-Core ලකුණු නිකුත් කෙරේ....

ඔක් 29, 2021

    පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉසෙඩ්කෝර් ලකුණු අද (29) නිකුත් කෙරුණා.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා. මෙවර විශ්වවිද්‍යාලය සඳහා සුදුසුකම් ලබා ඇති සිසුන් සංඛ්‍යාව 41,510ක්. ඒ අනුව තේරී පත්වූ සිසුන් අධ්‍යයන පාඨමාලා 130ක් සඳහා තෝරා ගැනෙනවා.

    admission.ugc.ac.lk ලිපිනයට පිවිසි දරුවන්ට තම ප්‍රතිඵල දැනගත හැකියි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තොරතුරු මධ්‍යස්ථානයේ 0112-695301/ 0112-695302/ 0112-692357/ 0112-675854 යන දුරකතන අංකවලින් ද සිසුන්ට වැඩි විස්තර ලබාගත හැකියි.

    රාජ්‍ය සේවා තොරතුරු කේන්ද්‍රයේ 1919 අංකය ඇමතීමෙන් හෝ UGC හිස්තැනක් විභාගය අංකය යොදා කෙටි පණිවුඩයක් යැවීමෙන් ද දරුවන්ට වැඩි විස්තර ලබාගැනීමේ අවස්ථාව හිමිවනවා.

    මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමිකරගත් සිසු-සිසුවියන් සඳහා නිවෙස් සිට ඉංග්‍රීසි පාඨමාලා හැදෑරීමට හිමිවීම විශේෂත්වයක්. ඒ සඳහා දැනටමත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සියලු කටයුතු සම්පාදනය කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.

    Latest News