ඩෙංගු මර්දනයට ඩ්‍රෝන කැමරා...

නොවැ 14, 2021

    කඩවත නගරයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඩ්‍රෝන කැමරා තාක්ෂණය උපයෝගී කොට, නිරීක්ෂණය කිරීම සහ එම ස්ථාන හඳුනාගෙන ඩෙංගු පැතිරීම වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දවස පුරා සංවිධාන කර තිබෙනවා.

    මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන්නන්ට එරෙහිව නඩු පැවරීමට ද පියවර ගන්නා බවයි, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසන්නේ. වැඩසටහන බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගේ සංකල්පයකට අනුව, බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ කඩවත පොලීසිය එක්ව ක්‍රියාත්මක කරනු ලබනවා.

    Last modified on ඉරිදා, 14 නොවැම්බර් 2021 15:42

    Latest News