ඇටම්පිටිය - උඩගම මාර්ගය ජනතා අයිතියට...

නොවැ 14, 2021

    විපක්ෂය කුමන චෝදනා එල්ල කළ ද, කොවිඩ් මර්දනය සිදු කරන අතරවාරයේ රටේ සංවර්ධනය ද එලෙසම සිදුකරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

    මන්ත්‍රීවරයා මේ අදහස් පළකළේ සංවර්ධනය කළ හාලිඇළ, ඇටම්පිටිය - උඩගම මාර්ගය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාව ඊයේ එක්වෙමින්. හාලිඇළ ඇටම්පිටිය - උඩගම මාර්ගයේ කිලෝමීටර් 1.7 ක් කාපට් අතුරා සංවර්ධනය කර තිබෙනවා. ඊට වැය කෙරුණු මුදල රුපියල් මිලියන 50 ක්.

    Last modified on ඉරිදා, 14 නොවැම්බර් 2021 15:43

    Latest News