ලෝක දියවැඩියා දිනය අද (14)...(වීඩියෝ)

නොවැ 14, 2021
  • ලෝක දියවැඩියා දිනය අදට යෙදී තිබෙනවා.

    ලොව පුරා ව්‍යාප්ත වන දියවැඩියා රෝගය වැළැක්වීමේ හා පාලනය කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමටයි, මෙම දිනය වෙන්කර තිබෙන්නේ. දියවැඩියාව ලොව ප්‍රධාන බෝ නොවන රෝග වලින් එකක් ලෙසයි, සැලකෙන්නේ. මේ රෝගය මිනිස් සිරුරේ සෑම අවයවයකටම බලපානවා.

    එමගින් සංකූලතා රැසක් ඇතිවන අතර, මරණයට පත්වීම ද සිදුවිය හැකියි. 2045 වන විට ගෝලීය වශයෙන් මිලියන 700 ක් පමණ පිරිසක් දියවැඩියා රෝගයට ගොදුරු වනු ඇතැයි අනුමාන කෙරෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ,"ලෝක දියවැඩියි දිනය" ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 2007 වසරේදී.

    කළමණාකරණය, දියවැඩියාව පාලනය සහ වැළැක්වීමේ අරමුණින් සෑම වසරකම නොවැම්බර් මස 14 එය සමරනු ලබනවා. මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹදී පැවැත්වුණා.

    Last modified on ඉරිදා, 14 නොවැම්බර් 2021 19:13

    Latest News