ඇතැම් පාලකයින් නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළා;අගමැති (වීඩියෝ)

පෙබ 23, 2019

    රටක දේශපාලනය කළ යුත්තේ, නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    එහෙත්, ඇතැම් පාලකයින් නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය විනාශ කරමින් කටයුතු කළ බව, අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි. ත්‍රිකුණාමලය, තඹලගමුව, ගල්මැටියාන පුරාණ විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. ගල්මැටියාන පුරාණ විහාරස්ථානයේ සියක් නමක් උදෙසා දානමය පිංකමක් අද (23) දහවල් සංවිධාන කර තිබිණ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක්විය. ජනතා නියෝජිතයින් ද මෙයට එක්වූහ.

    මේ අතර, රුපියල් ලක්‍ෂ 480ක වියදමින් ඉදිකළ මහියංගන දිස්ත්‍රික් කම්කරු කාර්යාල නව ගොඩනැගිල්ල ද අද (23) ජනතා අයිතියට පත් කෙරුණේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    Last modified on සෙනසුරාදා, 23 පෙබරවාරි 2019 20:46

    Latest News