පොලිස් නිළධාරියා හැප්පු ජීප් රථය බත්තරමුල්ලෙන් මතුවේ

පෙබ 24, 2019

    Up Date - බොරැල්ල පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති අනතුරකට ලක්කර පල ගොස් තිබු ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල පැලවත්තේ නිවසක ගාල්කර තිබියදි සොයා ගෙන තිබේ.

    අනතුර සිදු වු ස්ථානයේ තිබු CCTV කැමරා වලින් ලද තොරතුරු අනුව ජීප් රථය සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වු බව පොලිසිය පවසයි. මෙම ජීප් රථය පිළිබඳ පරික්ෂණ පොලිස් කණ්ඩායම් විසින් ආරම්භ කර තිබේ.

    පොලිස් නිළධාරියෙකුට අනතුරක් කර ජීප් රථයක් පලා යයි (11.30)

    බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට භාජනය කළ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. අද (24) අළුයම 4.35ට පමණ බම්බලපිටිය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත. මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී පොලිස් නිලධාරියා යතුරු පැදියකින් කොළඹ-ගාල්ල මාර්ගයේ කොල්ලුපිටිය දෙසට ගමන් කරමින් සිටි ඇති අතර, එම අවස්ථාවේදී වැල්ලවත්ත දෙසට ධාවනය කළ මෙම ඩිෆෙන්ඩර් රථය අනතුර සිදුකර පළාගොස් ඇති බව පොලිසිය පවසයි.

    මෙම පොලිස් නිලධාරියා විශේෂ රාජකාරි කටයුත්තකට කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිටි බව පොලිසිය කියයි. අනතුරින් තුවාල ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

    Last modified on ඉරිදා, 24 පෙබරවාරි 2019 14:02

    Latest News