ජනමාධ්‍යවේදීන්ට බූස්ටර් එන්නත...

ජන 08, 2022

    ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් - 19 බූස්ටර් එන්නත ලබා දීම ඇරඹෙයි.

    ජනාමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් - 19 බූස්ටර් එන්නත ලබා දීම අද (08) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී ආරම්භ කෙරුණි. 

    Booster3 900px 22 01 08

    බූස්ටර් එන්නත් ලබා දීම අදියර හතරක් යටතේ 2022 ජනවාරි 08,09,15 සහ 16 යන දිනවලදී පෙ.ව.08.30 සිට ප.ව.03.30 දක්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.  පළමු අදියර යටතේ, 2021 ජුනි මස 16 සහ 20 දෙදින තුල දෙවන මාත්‍රාව ලබා ගත් මාධ්‍යවේදීන් සඳහා අද (08) දවස තුල එන්නත ලබාදෙන ලදි.  දෙවන අදියර යටතේ, 2021 ජුනි මස 24 සහ 27 දෙදින තුල දෙවන මාත්‍රාව ලබාගත් මාධ්‍යවේදීන් සඳහා හෙට (09) එන්නත් ලබා දීමට සැළසුම්කර ඇත.
    තෙවන සහ සිවුවන අදියර යටතේ, 2021 ජුලි මස 04 සහ 17 දෙදින තුල දෙවන මාත්‍රාව ලබා ගත් මාධ්‍යවේදීන් සඳහා 2022 ජනවාරි 15 ත්, 2021 ජුලි මස 27 වන දින දෙවන මාත්‍රාව ලබා ගත් මාධ්‍යවේදීන් සඳහා 2022 ජනවාරි 16 ත් එන්නත් ලබා දීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇත.

    Booster2 900px 22 01 08

    ජනමාධ්‍ය අමාත්‍යවරයාද ජනමාධ්‍ය වේදීන් සමග එක්ව සිය බූස්ටර් එන්නත ලබා ගත්තේය.

    Last modified on සෙනසුරාදා, 08 ජනවාරි 2022 19:18

    Latest News