අද (09) සිට නව සුඛෝපභෝගී දුම්රියක්...

ජන 09, 2022

    සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී දුම්රිය සේවාවක් අද (09) පෙරවරුවේ සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

    ඒ, ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වායි. දිනපතා පෙ.ව. 05.10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය දහවල් 12.17 ට කන්කසන්තුර දුම්රිය ස්ථානය ලඟාවීමට නියමිතයි. එදිනම ප.ව. 01.15 කන්කසන්තුරෙන් ගමන් ආරම්භ කරන දුම්රිය රාත්‍රී 08.25 ට ගල්කිස්ස දුම්රිය ස්ථානය දක්වා පැමිණීමට නියමිතයි. නවීන තාක්ෂණය අනුව ඉන්දියාවේ නිෂ්පාදිත මෙම දුම්රියේ මැදිරි 10 ක් සහ බලවේග එන්ජින් 02 ක් ඇති අතර සියලුම මැදිරි වායුසමනය කර ඇත.

    මගී ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇති මෙම දුම්රියේ සුව පහසු ආසන, ආහාර පාන ලබාගැනීමට භෝජනාගාරයක්, රූපවාහිනී සේවා පහසුකම්, නවීන වැසිකිලි පහසුකම් ඇතුලු පහසුකම් රැසක් සපයා තිබෙනවා. දුම්රිය සේවාවේ මංගල ගමන ආරම්භ කිරීම ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ ගල්කිස්ස දුම්රිය ස්ථානයේදී සිදු කෙරුණා. මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියා.

    Latest News