“රෙසිඩන්ස් කෝට්ටේ“ නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් ඇරඹේ...

ජන 31, 2022

    යෝජිත, ශ්‍රී ජයවර්ධනපුර-තලපත්පිටිය “රෙසිඩන්ස් කෝට්ටේ“ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් අද (31) ආරම්භ කෙරුණා.

    නිවාස 240කින් යුත් ව්‍යාපෘතියට වැය කරන මුදල රුපියල් බිලියන 1,361ක්. නිවාස ඉදි කෙරෙන්නේ, නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 02ක භූමි භාගයකයි. ව්‍යාපෘතිය මහල් 20 බැගින් වූ කුළුණු දෙකින් සැලසුම් කර තිබෙනවා. එහි ඉදිකිරීම් අද ආරම්භ කෙරුණේ, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන්.
    සෑම මහලක්ම නිදන කාමර 02ක් හෝ 03ක් සහිත නිවාස 06කින් සමන්විතයි. අයි.සී.සී. සමාගම ඉදිකිරීම් සිදු කරනවා. මේ අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    Latest News