ගොවීන්ගේ ආදායම 100% කින් ඉහල නංවනවා - ජනපති (වීඩියෝ)

පෙබ 09, 2022
  • ගොවීන්ගේ ආදායම ඉදිරි වසර 03 ඇතුළත 100% කින් ඉහළ නංවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වනවා.

    මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විපක්ෂයට දන්වා සිටින්නේ, කූට උපක්‍රම නොකොට, හැකිනම් ජනතාව අතරට පැමිණ මැතිවරණ ජයග්‍රහණය කරන ලෙසයි. ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියේ "රට රකින ජනබලය" ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැලි මාලාවේ පළමු රැලියට අද එක්වෙමින්. එය පැවැත්වුණේ, අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී.

    Last modified on බදාදා, 09 පෙබරවාරි 2022 20:46

    Latest News