ශරීර දුර්වලතාවයකින් යුත් පුද්ගලයෙකුට කොවිඩ් 19 රෝගය වැළඳුනහොත් මියයාමේ ඉඩකඩ වැඩියි - සෞඛ්‍ය අංශ (වීඩියෝ)

පෙබ 10, 2022
  • කුමන වයස් කාණ්ඩයකට අයත් වුවද, ශරීර දුර්වලතාවකින් යුත් පුද්ගලයෙකුට කොවිඩ් 19 රෝගය වැළඳුනහොත්, මියයාමේ ඉඩකඩ වැඩි බව, සෞඛ්‍ය අංශ පවසනවා.

    එබැවින්, කඩිනමින් එන්නත් ලබාගත යුතු බවයි, බලධාරින් පවසන්නේ. මේ අතර, රෝග ලක්ෂණ නොමැති රෝගීන් යම් සංඛ්‍යාවක් සමාජයේ සිටින බැවින්, ඔවුන්ගෙන් රෝග ව්‍යාප්තිය සිදුවිය හැකි බවද සෞඛ්‍ය අංශ පවසනවා.

    මේ අතර කොවිඩ් 19 රෝගය වැළඳුණු 1,297 දෙනෙකු අද මෙරටින් හඳුනා ගැණුනා.

    Latest News