මෙරට වධක තනතුර සඳහා අමෙරිකානු පුරවැසිභාවය සහිත පුද්ගලයකු විද්‍යුත් තැපෑල මඟින් අයඳුම් කර තිබේ. කෙසේ වුුුවත් විදේශීය පුරවැසියකුට මෙරට ආණුඩුක්රම ව්යවස්වථාවට අනුකූලව රජයේ රැකියාවක් සඳහා ඉල්ලුම් කළ නොහැකියි. ඒ අනුව ඔහුට එම තනතුර සඳහා කැඳවීමක් ලබා දිය නොහැකි බව බන්ධනාගාර දෙපාර්තතමේන්තතුව පවසයි. වධක තනතුර සඳහා මේ වනවිට අයඳුම්පත් 101 ක් ලැබී තිබේ. ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ ඉදිරියේදී කැඳවන බව ද පැවසේ. මේ අතර, එල්ලුම් ගහ සඳහා අවශ්‍ය කඹය ඇණවුම් කර ඇති බව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කරයි.