එහෙත් සෙවණගල සීනි සමාගමේ පාලන අධිකාරිය පවසන්නේ, දැනට පවතින තත්වය නිසා මිල වැඩිකිරීමක් සිදු කළ නොහැකි බවයි. උක් ටොන් එකක මිල රුපියල් 2000කින් වැඩි කරන තුරු සෙවණගල ලංකා සීනි සමාගමට තම අස්වනු ලබා නොදෙන බවට, සෙවණගල, ගොවිසෙන ඒකාබද්ධ උක් ගොවි බල මණ්ඩලය පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමන් ප්‍රකාශ කළා.