සංචාරකයින්ට සංශෝධිත මාර්ගෝපදේශ සංග්‍රහයක්....

පෙබ 27, 2022

    ලබන පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා සංශෝධිත මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා.

    පූර්ණ එන්නත්කරණයෙන් සති දෙකකට පසු මෙරටට පැමිණෙන පුද්ගලයන්ට PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයක් සිදු කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති බවට, එම අදාළ රටවල නිර්දේශිත එන්නත් මාත්‍රා සංඛ්‍යාව ලබාගෙන තිබීම ප්‍රමාණවත්. අවුරුදු 18 සහ ඊට අඩු වයස්වල දරුවන් එන්නත් මාත්‍රාවක් ලබා සති දෙක ඉක්මවා තිබීම පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ලෙස සැලකෙනවා. අවුරුදු 12 සහ ඊට වැඩි වයස්වල දරුවන් එන්නත්කරණයට ලක්ව නොමැති නම් PCR හෝ රැපිඩ් ඇන්ටිජන් වාර්තාවක් ලබා සිටීම අත්‍යවශ්‍යයි.

    ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනය පහතින්.....

    Guid px 900 27 02 22

    Guid02 px 900 27 02 22

    Latest News