රණවිරු සැමරුම් මාසය ඇරඹේ...

මැයි 06, 2022

    රණවිරු සැමරුම් මාසය අද (06) ප්‍රකාශයට පත් කෙරුණා.

    ඒ නිමිත්තෙන් වූ ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමට පිළිගැන්වූණේ, කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී. දශක තුනකට අධික කාලයක් පැවැති ත්‍රස්තවාදය නිමාකර නිදහස් නිවහල් දේශයක් වෙනුවෙන් කැපවූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු මාසය සැමරෙනවා.

    ජනාධිපතිතුමාට ජාතික රණවිරු කොඩිය පැළඳවූ දින සිටයි රණවිරු සැමරුම් මාසය ඇරඹෙන්නේ. රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් නන්දන සේනාධීර මහතා විසින් රණවිරු කොඩිය ජනාධිපතිතුමාට පළඳවනු ලැබුවා.

    අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ රණවිරු සේවා අධිකාරියේ නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

    Latest News