නායක දසුන් ඇතුළු කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්...

ජූනි 12, 2022

    ඊයේ සවස ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති විස්සයි විස්ස සීමිත ඕවර තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැක්වූ තියුණු දස්කම් සහ අතිවිශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව අපගේ ක්‍රිකට් කණ්ඩායමට පළමුව සුබ පැතුම් එක් කරමි.

    එය සැබැවින් ම විස්මජනක නිමාවක් සනිටුහන් කළ, විශිෂ්ට ගණයේ දක්ෂතාවන් පිළිඹිබු කළ අවස්ථාවක් විය. මා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩාවක අත්දැකීමක් ලබා දුන් අප ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සහ එම කණ්ඩායමට මාගේ හදපිරි ස්තූතිය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

    Latest News