ස්පාඤ්ඤයට අධික උණුසුම් කාලගුණයක්...

ජූනි 19, 2022

    ස්පාඤ්ඤයට දශක ගණනාවකට පසු අධික උණුසුම් කාලගුණ තත්වයකින් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

    එම නිසා ප්‍රදේශ රැසකින් ලැව්ගිනි වාර්තා වනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ස්පාඤ්ඤයේ ගිනි නිවන භටයින් ලැව් ගිනි මැඩ පැවැත්වීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවයි. උණුසුම් කාලගුණය හේතුවෙන් මේ දිනවල බටහිර යුරෝපයට බලපෑම් එල්ල වී තිබෙනවා. එය තරමක් දැඩිව බලපා ඇත්තේ, ප්‍රංශයට සහ ස්පාඤ්ඤයටයි. ස්පාච්චයෙන් සෙල්සියස් අංශක 42ක උෂ්ණත්වයක් වාර්තා වන බව, එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උෂ්ණාධික කාලගුණය හමුවේ ස්පාඤ්ඤයේ රෝහල් සහ බලශක්ති ක්‍ෂේත්‍රවලට දැඩි බලපෑම් ඇති වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News