ආහාර බැංකු සහ ආහාර හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩසටහනක්...

ඔක් 22, 2022

    ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ තත්වය වර්ධනයට ආගමික ස්ථාන කේන්ද්‍ර කරගත් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා‍.

    ඒ අනුව ආහාර බැංකු සහ ආහාර හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිතයි. ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. ඒ, මාර්ගගත ක්‍රමය ඔස්සේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මටට්මින් දිවයිනේ ග්‍රාමසේවා වසම් 14022ක්ම ආවරණය වන පරිදි එය සිදුකෙරෙනවා. ආහාර හුවමාරු මධ්‍යස්ථාන මගින් ප්‍රදේශයේ අතිරික්ත ආහාර, ආහාර බැංකුවලට ලබාගෙන ආහාර ඌණතාවක් ඇති පවුල් සඳහා බෙදාදීම සිදුකෙරෙනවා.     ආහාර හුවමාරු මධ්‍යස්ථාන මගින් තම අතිරික්ත ආහාර තවත් ප්‍රදේශවාසීන්ගේ අතිරික්ත ආහාර සමග හුවමාරු කරගැනීමට ද අවස්ථාව සැලසෙනවා. එමගින් ආහාර අපතේ යාමද වළක්වා ගත හැකියි.  වැඩසටහනට මහාසංඝරත්නයේ මෙන්ම සෙසු පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා‍ගේ දායකත්වය ලබාගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති නව චක්‍රලේඛය අනුව ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සහ ඒවායේ සංවර්ධන සැලැස්ම සකස්කළ යුතු ආකාරය ද සාකච්ඡා කෙරුණා. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සැලසුම් අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. 

    Latest News