ගෑස් අලෙවිසැල්වලට යතුරු වැටුනේ ඇයි (වීඩියෝ)

ඔක් 29, 2022
  • දින කිහිපයක සිට වෙළඳපොලේ ගෑස් හිඟයක් පවතින බව, ජනතාව පවසනවා. අපකළ සොයාබැලීමකදී දැකගන්නට ලැබුණේ ගෑස් අලෙවි ස්ථාන රැසක් වසා දමා ඇති ආකාරයයි.

    දින තුනක පමණ සිට වෙළඳපොළේ ගෑස් හිඟයක් පවතින බවට, තොරතුරු වාර්තා වනවා.

    ලිට්‍රෝ සමාගම පවසන්නේ, මෙම ගෑස් හිඟයට ප්‍රධානම හේතුව ලබන මස පස් වැනිදා ගෑස් මිල නැවතත් අඩු කිරීමට සමාගම ගත් තීරණය බවයි.

    ගෑස් බෙදාහරින්නන් ලිට්‍රෝ සමාගමෙන් ගෑස් මිලදී ගැනීම මේ වන විට ඉතා අඩු මට්ටමක පවතින බවයි, එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියේ.

    Last modified on සෙනසුරාදා, 29 ඔක්තෝබර් 2022 14:35

    Latest News