ලංකාවේ Aviation වීඩියෝව ලෝකෙන්ම අංක 01ට

ජූනි 17, 2023

    ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) විසින් ‘Women in Aviation Multimedia Engagement Contest’ නමින් ලොවපුරා එළිදැක්වූ වීඩියෝ/ ඡායාරූප තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේව් කව්සල සමරජීව විසින් ඉදිරිපත් කළ කෙටි වීඩියෝ නිර්මාණය ලෝකයේ ප්‍රමුඛ පෙළේ රටවල් රැසක නිර්මාණ 280ක් අභිභවමින් ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා.

    මෙම තරගයේ නිර්මාණ තේමාව වී ඇත්තේ 'ගෝලීය ගුවන් සේවා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව' යි. මූලික වටය සඳහා රටවල් බොහෝමයක් නිර්මාණ යොමු කර තිබුණා. නමුත් අවසන් වටයට තෝරා ගෙන තිබුණේ ශ්‍රී ලංකාව, ප්‍රංශය, පිලිපීනය, ආජන්ටිනාව, ඇමරිකාව, තුර්කිය, ස්ලෝවෙනියාව, අයර්ලන්තය, සර්බියාව, කෙන්යාව, කැනඩාව සහ සීෂෙල්ස් රාජ්‍යයයන්හි නිර්මාණකරුවන් විසින් යොමු කළ නිර්මාණ 12ක් පමණි.

    තෝරාගත් තරඟකාරී නිර්මාණ 12 ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ නිල ෆේස්බුක් පිටුවට උඩුගත කළ අතර ජුනි 15 දක්වා සතියක කාලයක් ලොවවටා ජනතා මනාප සඳහා අවස්ථාව ලබා දී තිබුණා. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Aviation Voice නිර්මාතෘ දේව් කව්සල සමරජීව විසින් නිර්මාණය කළ වීඩියෝව වැඩිම ජනතා ප්‍රතිචාර (මනාප 28,000ක්) ලබාගනිමින් ජයග්‍රාහකයා ලෙස තේරී පත්වුණා.

    පිළිවෙළින් මනාප 4,800ක් ලබාගත් ආජන්ටිනාව දෙවන ස්ථානයටත්, තුර්කිය තෙවන ස්ථානයටත් පත්වුණා. මෙම නිර්මාණය ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලොව ප්‍රමුඛ පෙළේ ගුවන්සේවා සමුළුවක් වන ICAO Global Aviation Gender Summit 2023 හිදී 2023 ජූලි මස 05 වැනිදා විශේෂ ඇගයීමට ලක් කිරීමට නියමිතයි.

    Latest News