පස් කන්දකට යටවී දෙදෙනෙකු මරුට

ජූනි 17, 2023

    නුවරඑළිය නගරයේ පැරණි කච්චේරිය අසල පිහිටි නිවසක කොන්ක්‍රීට් තාප්පයක් ඉදි කරමින් සිටි පෙදරේරුවන් දෙදෙනෙකුගේ ඇඟ මතට පස් කන්දක් (16) කඩා වැටීමෙන් එම පුද්ගලයන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගාල්ල, වැලිහේන ප්‍රදේශයේ එකම පවුලේ මාමණ්ඩි සහ බෑන වන දෙදෙනෙකි. සිද්ධිය ඊයේ (16) දින පස්වරු 04ට පමණ සිදුව ඇති අතර පස් කන්දට යටව සිටි දෙදෙනා ප්‍රදේශවාසීන් සහ පොලිසියේ දැඩි පරිශ්‍රමය මත පිටතට ගෙන නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර තිබෙනවා.

    අනතුරටපත් පුද්ගලයින් දෙදෙනා රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බවයි නුවරඑළිය පොලිසිය පවසන්නේ. ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ලබාගත් කොන්ත්‍රාත්කරු කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිත නොකර ඉදිකිරීම් සිදුකර ඇති බවයි නුවරඑලිය පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News